රුසියාව සමඟ සාම සැලැස්ම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ යුක්‍රේනය පොදු අවබෝධයකට

0
රුසියාව සමඟ සාම සැලැස්ම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ යුක්‍රේනය පොදු අවබෝධයකට

රුසියාව සමඟ සාම සැලැස්ම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ යුක්‍රේනය පොදු අවබෝධයකට

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාම සැළැස්ම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ “පොදු අවබෝධයකට” එළඹ ඇති බව යුක්‍රේනය පවසා තිබේ.

මෙම යෝජනාව පදනම් වී ඇත්තේ පසුගිය සතියේ ජිනීවාහි පැවති සති අන්ත සාකච්ඡා අතරතුර ඇමරිකානු සහ යුක්‍රේන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 28කින් යුත් සැලැස්මක් මතය.

සමාජ මාධ්‍යවල පළ කළ සටහනක, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ අදාළ මුල් සැලැස්ම “සියලුම පාර්ශවයන්ගෙන් අමතර අදහස් සහිතව සියුම් ලෙස සකස් කර ඇති” බවයි.

ඔහු තවදුරටත් මෙසේද දක්වා තිබේ. “මොස්කව්හිදී ජනාධිපති පුටින් හමුවීමට මගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ට මම උපදෙස් දී ඇති අතර, ඒ සමඟම, හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල්, යුක්‍රේන පාර්ශවය හමුවීමට නියමිතයි.”

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ මාණ්ඩලික ප්‍රධානියා පැවසුවේ මෙම සතියේ දී ඩ්‍රිස්කොල් කියෙව් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම නව කෙටුම්පත් සාම සැළසුම පිළිබඳව රුසියාවෙන් තවමත් උපදෙස් ලබාගෙන නොමැති බව ක්‍රෙම්ලිනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com