2021 – 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තකයි

0
2021 - 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තක වෙයි

2021 - 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තක වෙයි

අත්අඩංගුවට ගනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් පවසයි.

ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයා ගත් දැවැන්ත වත්කම් තොගයක් මේ වන විට රජය සතු කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

වූට්ලර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ වත්කම්වල මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 3902ක් වන අතර, එම වත්කම් රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ගෙන තිබෙන බවයි.

තවද, 2025 වසරේදී පමණක් වත්කම් ක්‍රියාවන් විරහිත කිරීම සඳහා රුපියල් කෝටි 73ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරමින් පවතින බව ඔහු සඳහන් කරයි.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ අනීතික ලෙස උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් මූල්‍ය වටිනාකම් පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් භාරයට ගෙන ඇති දේපළ අතර රත්තරන් පවුම් 354ක්, වාහන 72ක්, නිවාස/දේපළ 35ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක් ,මුදලින් රුපියල් හැටහත් කෝටියක (රු. 670,000,000) පමණ ප්‍රමාණයක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා පොලීසිය කටයුතු කරන බවයි.

මෙම සියලුම නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් සහ වත්කම් රජය සතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් වැඩිදුරටත් දැනුම් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com