කීරී සම්බා සහල් හිඟයට පොන්නි සම්බා සහල්

0
රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000 ක් වන අතර, එයින් වාර්ෂික කිරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000 ක් පමණ වෙන බව සඳහන් වෙයි

මේ වන විට දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයන කරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11/ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com