කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පළමුවරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි

0
කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ(14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් ඊයේ(14) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57ක් දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49ක ඉහළ යාමක්.

S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 22.07කින් ඉහළ ගොස් ඒකක 6,229.44ක වසරේ මේ දක්වා උපරිමයට ළඟා වීමට ඊයෙ(14) දිනයේ දී සමත් වී තිබෙනවා.

රු.බිලියන 5.74ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ (14) දිනය තුළ වාර්තා වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com