හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

0
හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් 2ක්

හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් 2ක්

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව, එහි දැක්වෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි.

එම පනත් කෙටුම්පත අනුව හිටපු ජනාධිපතිවරයකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, ප්‍රවාහන සහ වෙනත් පහසුකම් සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com