අත්අඩංගුවට ගත් මනූෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

අත්අඩංගුවට ගත් මනූෂගේ පෞද්ගලික ලේකම්ට ඇප
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් ගුණරත්න යන අය රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.
එසේම අදාළ පුද්ගලයාට විදේශ ගමන් තහනම් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.