අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත් 03ක් සම්මතයි

0
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය අද දින (22) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙහිදී සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 182 හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි. කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 181ක් හිමි වූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි.

එසේම සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 180 හිමිවූ විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මෙම පනත් කෙටුම්පට පක්ෂව ඡන්ද 181ක් හිමි වූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි.

තවද සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com