උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2025 මැයි මාසයේ දී 0.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජුනි මාසය සඳහා 0.3%ක් දක්වා පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ.

2025 මැයි මාසයේ දී 5.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.2%ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම, 2025 මැයි මාසයේ දී -3.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේ දී -2.8%ක් දක්වා අඩු වී ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com