මත්පෙති කිලෝ 5,000ක් විනාශ කිරිමට පියවර

0
ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

අත්අඩංගුවට ගන්නා ලද මත්පෙති කිලෝග්‍රෑම් 5,000ක් විනාශ කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 2018 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා ශ්‍රී ලංකා රේගුව සමග එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලද අදාල මත්පෙති තොගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පුත්තලම, පාලවිය පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවේ දහන උදුන තුල, දහනය කොට අද (21) දිනයේදි විනාශ කෙරෙන බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 06 මහේස්ත්‍රාත්වරයා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com