ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 37ක් මරුට

0
ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 37ක් මරුට

ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 37ක් මරුට

ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් 37 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.

හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මියගිය බොහෝ දෙනෙකු කූඩාරම්වල රැදී සිටි අවතැන් පිරිස් බවයි.

අවතැන්වූ ජනතාව රැදී සිටි අල්-මවාසි ප්‍රදේශයේ පිහිටි කූඩාරම් පෙළකට ප්‍රහාර එල්ල වී ඇති බව හමාස් සංවිධානය පවසා ඇත.

එම ජනතාව විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ ප්‍රහාර එල්ල වීමත් සමග කූඩාරම් ගිනි ගෙන අනෙකුත් කූඩාරම් වෙතද ගිනි පැතිර ගිය බවයි. පිලිස්සී මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද සිටින බව වාර්තා වේ. මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාව කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත.

කූඩාරම්වල සිටි දරුවන් මිය යාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් හි විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් බලවත් කණගාටුව පළකර තිබේ.

හමාස් සංවිධානය පවසන්නේ මියගිය අය අතර එකම පවුලේ 10 දෙනෙකුද සිටින බවයි.

කූඩාරම්වල ගින්නට හසුවීමෙන් තවත් 23 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com