වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස ඊශ්‍රායල ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක්

0
වසරේ මාධ්‍ය ඡායාරූපය වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපය

වසරේ මාධ්‍ය ඡායාරූපය වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපය

ගාසා තීරයේ දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් විසින් මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවයි.

මහමුද් අජ්ජෝර් නමැති 9 හැවිරිදි මෙම පිරිමි ළමයා ගාසා තීරයේදි බෝම්බ ප්‍රහාරයකට හසුව පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.

මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා වන අබු එලූෆ් විසින් අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අබු එලූෆ් විසින් මෙම ඡායරූපය ගන්නා අවස්ථාවෙදි දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.

ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.

මෙම ඡායාරූපය ගාසා තීරයේ යුද්ධයේ දිගුකාලීන බිහිසුණු බව මතක් කර දෙන්නකි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ මියගිය අයගෙන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com