යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

0
යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි.

ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන්ද නිදහස් කරන ලෙස ගනුදෙනුවක් අවශ්‍ය බව පවසමින්ය.

රූපවාහිනී සාකච්චාවකට එක්වෙමින් හමාස් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන ඛලීල් අල්-හයියා පැවසුවේ ඊශ්‍රායලය ඉදිරිපත් කරන කෙටි සටන් විරාම ගිවිසුම් සදහා තමන් එකඟ නොවන බවයි.

ඔහු පැවසුවේ ගාසා යුද්ධය අවසන් කිරීම, ඊශ්‍රායලය විසින් සිරගත කරන ලද පලස්තීනුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් දේශපාලන කටයුතු වෙනුවෙන් කෙටිකාලීන සටන් විරාම ගිවිසුම් භාවිතා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com