මිනිස් වාසයට සුදුසු නව ග්‍රහලෝකයක්

0
මිනිස් වාසයට සුදුසු විය හැකි නව ග්‍රහලෝකයක්

මිනිස් වාසයට සුදුසු විය හැකි නව ග්‍රහලෝකයක්

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි.

මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙක හමාර ගුණයක් තරම් වන K2-18b ග්‍රහයා පෘථිවියෙන් සැතපුම් ට්‍රිලියන 700ක් දුරින් පිහිටා වෙනත් මන්දාකිනියක සූර්යයෙක් වටා පරිභ්‍රමණය වෙමින් පවතී.

සාගර ශාක ප්ලවාංග සහ බැක්ටීරියා ශ්වසනයේදී නිපදවෙන වායූන් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු එම ග්‍රහයා වටා පිහිටි වායුගෝලයේ පවතින බැවින් එය සුබවාදී ලක්ෂණයක් බව විද්‍යාඥයින් පවසයි.

මෙම ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා තවත් දත්ත අවශ්‍ය බව මෙම පර්යේෂණයට සහභාගී වූ කණ්ඩායම සහ ස්වාධීන තාරකා විද්‍යාඥයින් අවධාරණය කර ඇත.

මෙහි ප්‍රධාන පර්යේෂක මහාචාර්ය නික්කු මධුසුධන්, පවසා ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳ ඉක්මනින්ම තීරණාත්මක සාක්ෂි ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com