පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරු; 53කට තනතුරු අහිමි වෙයි

0
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

මෙම ස්ථාන මාරුවීම් ලබන බ්‍රහස්පතින්දා දින (13) සිට සිට සහ 18 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම මෙම ස්ථාන මාරුවීම් අනුව සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබේ.

ස්ථාන මාරු කිරීම් අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 53ක් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීමද විශේෂත්වයකි.
නව පත් කිරීම් 53ක්ද ස්ථාන මාරු කිරීම් අතර වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com