නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

0
නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නිශ්ප්‍රභ කළේය.

ඒ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ කුමුදුනි වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. පෙත්සම ගොනු කර තිබුණේ නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසිනි.

පසුගිය අප්‍රේල් 30 වැනිදා පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳවූ අවස්ථාවේ ජනාධිපතිවරයාට, අග්‍රවිනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

එදින ව්‍යවස්ථා සභාව නිසි ක්‍රියා පටිපාටික් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ශේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/ 1 වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය ජූලි 25 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(12) දින නියෝගය ලබා දෙමින් පවසා සිටියේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගත් තීරණය නිවැරදි තීරණයක් බවයි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව තීන්දුව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී නොමැති බව නිගමනය කළ විනිසුරු මඩුල්ල පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com