ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී හැරී බෘක් පෙරමුණට

0
ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී හැරී බෘක් පෙරමුණට

ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී හැරී බෘක් පෙරමුණට

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබේ.

ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වු දක්ෂතා මතයි.

අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටි එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් එහි දෙවන ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව ඇති බව සදහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිදු මෙන්ඩිස් නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 6වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com