ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයෙන්

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවති. එය ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යම පියවරක් ලෙස සැලකේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පසුගියදා (04) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය මාර්තු මාසයේ අගභාගයේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ අතර එය වසර 04ක වැඩසටහනකි.

ඒ යටතේ වූ දෙවැනි සමාලෝචනයට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවයකට එළැඹුණි. නමුත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බවත්, ප්‍රශංසනීය ප්‍රතිඵලවලට සීඝ්‍ර උද්ධමනය, ශක්තිමත් සංචිත සමුච්චය වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළත් බව කොසැක් වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසුව රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර, මෙම ප්‍රතිසංස්කරණ ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *