රජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඇ.ඩො. මිලියන 1,909.7ක් ගෙවයි

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන්

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට පසුගිය පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 1909.7ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

සිකුරාදා දින (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට පසුගිය පෙබරවාරි දක්වා බහු පාර්ශ්වීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නොමැති බවයි.

ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0ක්ද ගෙවා තිබෙනවා.

තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක්ද වශයෙන් ගෙවා ඇති බව සඳහන්.

එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර තිබෙනවා.

මෙම කාලය තුළ ද්වි පාර්ශ්වීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0ක්ද ගෙවා ඇති අතර මේ වන විට අදාළ රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *