කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ “දුන්හිඳ ඔඩිසි” නව සංචාරක දුම්රියක්

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ “දුන්හිඳ ඔඩිසි” නව සංචාරක දුම්රියක්

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ “දුන්හිඳ ඔඩිසි” නව සංචාරක දුම්රියක්

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිකුරාදා (05) සිදු විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ කෙරුණු දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි.

දුන්හිඳ ඔඩිසි ආසන 44 බැගින් වූ මැදිරි 4කින් සමන්විත වන අතර මෙහි, දෙවන පන්තියේ මැදිරි 3ක් සහ ආපන ශාලාවක් සහිත තෙවන පන්තියේ මැදිරියක්ද ඇතුලත් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *