තුර්කියෙන් ප්‍රතික්ෂේප වූ ඊශ්‍රායලය

Turkey and Israel flags together textile cloth, fabric texture

ගාසාහි පවතින යුද්ධය මධ්‍යයේ ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරිම තුර්කිය ප්‍රතික්ෂේප කරයි.මාධ්‍ය ආයතන වල ප්‍රකාශ වලින් පසු තුර්කිය විසින් ඊශ්‍රායලය සමඟ පවතින හමුදාමය සහයෝගිතාවයද ප්‍රතික්ෂේප කර ඇත.මෙසේ ඊශ්‍රායලය සමඟ ඇති හමුදා සහයෝගිතාවය ප්‍රතික්ෂේප කර ඇත්තේ තුර්කිය විසින් ඊශ්‍රායලයට වෙඩි බෙහෙත්, ආයුධ, සහ පතරොම් යනාදිය අපනයනය කරන බව මාධ්‍ය මගින් ප්‍රකාශ කිරිමෙන් අනතුරුවයි.

පසුගිය ජනවාරි මාසයේ මාර්ගගත් (online) සඟරාවක් වන ක්‍රැඩල් ( cradle) සඟරාවෙහි වෙළඳ ආර්ථිකය පිලිබඳ වාර්තාවක සඳහන් වුයේ තුර්කිය විසින් ඩොලර් මිලියන 319 කට ආසන්න වටිනා ලෝහ, රසායනික ද්‍රවය, ගුවන් යානා කොටස්, කෘමිනාශක, න්‍යෂ්ටික ප්‍රතිකාරක කොටස්, වෙඩි බෙහෙත්, පුපුරන ද්‍රව්‍ය, ආයුධ හා පතරොම් යනාදි භාණ්ඩ ඊශ්‍රායලයට අපනයනය කර ඇති බවයි.

ඊශ්‍රායලය සමඟ තුර්කි වෙළඳ ක්‍රියාකාරකම් මුලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ තුර්කි ජනාධිපති රිසෙස් තයියිප් එඩෝර්ගන් හට සහාය දැක්විම පිණිස ස්වාධීන කර්මාන්තකරුවන්ගේ හා ව්‍යාපාරික සංගමය(MUSAID) සමඟ බව කරාර් විසින් වාර්තා කරනු ලැබ ඇතත් මෙම ප්‍රකාශය අන්කාරා( ANKARA) විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ” සෑම විටම පලස්තීනයට සහාය දුන් තුර්කි ජනරජයට පලස්තීනුවන්ට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරිමට හෝ නිරත විමට හැකියාවක් නොමැති බවයි.තවද තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට ඊශ්‍රායලය සමඟ කිසිදු හමුදා පුහුණුවක්, හමුදා අභ්‍යාස හා ආරක්ශක කර්මාන්ත සහයෝගිතාව ඇතුලු කිසිදු ක්‍රියාකාරකම් සම්බන්ධතාවයක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර සිටියි.තව දුරටත් අමාත්‍යාංශය පවසා සිටියේ ගාසා තීරයට එරෙහිව රෝහල්, පාසල්, ආගමික ස්ථාන, සරණාගත කඳවුරු හා සිවිල් වැසියන් ඊශ්‍රායලයේ ඉලක්ක බවයි.

සමාජ මාධ්‍ය පළ කිරිම් පරික්ෂා කිරිමෙන් පසු තුර්කි සන්නිවේදන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාවද්‍ය තොරතුරු වලට එරෙහි මධ්‍යස්ථානයද (TCDCCD) අදාල චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
තව දුරටත් TCDCCD පවසා සිටියේ “චෝදනා කරන ලද අපනයන ලැයිස්තුවේ 93 වන පරිච්ඡේදයට අනුව නිෂ්පාදන යුධ අවි සහ පතරොම් නොව ඒ වෙනුවට ක්‍රීඩා සහ දඩයම් කිරිම වැනි තනි අරමුණු සඳහා භාවිතා කරන රයිෆල් අමතර කොටස් හා උපාංගද, ධීවර උපකරණද 36 වන පරිච්ඡේදය යටතේ ජෙල් ඉන්ධන හා සැහැල්ලු තරලද අපනයන ලැයිස්තුවේ පැවති බවයි.
අදාල සංවිධානය ඇතුලත් කර ඇති තුර්කි සංඛ්‍යා ලේඛන ආයතනයේ දත්ත වලට අනුව 2023 මැයි මාසයේ සිට ක්‍රීඩා හා දඩයම් අරමුණු සඳහා රයිෆල් අපනයනය කර නොමැති බවද සඳහන් කර ඇත.
තුර්කියේ ප්‍රධාන ස්වාධීන කරණු පරික්ෂා කිරිම් අලෙවිසැලක් වන Oykum Huma Keskin, fact checker for Teyit Hakkinda පවසා සිටියේ ද අදාල අපනයන දත්ත වාර්තාව අසත්‍ය බවයි. ” අපි අදාල වගුව පරික්ෂා කිරිමේදි තහවුරු වුනේ 2024 පලමු මාස තුනේදි ඊශ්‍රායලයට 36 වන පරිච්ඡේදය යටතේ වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍යත් 93 පරිච්ඡේදය යටතේ දඩයම් හා ධීවර උපකරණත් අපනයනය කර ඇති බවයි.

පරික්ෂකවරයා තව දුරටත් පවසා සිටියේ මෙම අදාල කාණ්ඩ යටතේ කුමන භාණ්ඩ, කාහට ඇත්තේදැයි විවුර්ත මුලාශ්‍ර වලින් ඔවුනට තොරතුරු ලබාගත නොහැකි බවත් විවුර්ත මුලාශ්‍ර වලින් භාණ්ඩද තහවුරු කල නොහැකි බවයි.
සමාජ මාධ්‍ය වල සංසරණය වු තොරතුරු වලට අනුව 2024 මුල් මාස 3 වෙළඳ ගණුදෙනු ආවරණය වන බවත් එයින් ඊශ්‍රායලය සමඟ ගණුදෙනු දිගටම සිදු වන බව මෙයින් සනාථ වන අතර තුර්කියට සම්බාධක නොමැති අතර මෙම වෙළඳාමද රහසක් නොවේ.
නේටෝ සමාජික තුර්කිය ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ ඊශ්‍රායලය හෙලා දැක ඇති අතර එඩොර්ගන් විසින් හමාස් සංවිධානය ,ත්‍රස්ත සංවිධානයකට විරුද්ධ වු විමුක්ති කණ්ඩායමක් ලෙසද හදුන්වා ඇත. තවද අන්කාරා විසින් ඊශ්‍රායලයේ සිය තානාපතිවරයාද ආපසු කැඳවා ඇත.

තුර්කිය හා ඊශ්‍රායලය අතර දශක ගණනාවක් තිස්සේ ආරක්ෂක ප්‍රශ්න සම්බන්ධයෙන් ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇති නමුත් ඒගෝර්ඩන් යටතේ ජනාධිපතිවරයා පලස්තීනයට දක්වන සහාය හෙතුවෙන් පලස්තීන සබඳතා වැඩි වී ඇත.එයට හේතුව පලස්තීනුවන්ට එරෙහිව දිගින් දිගටම ඊශ්‍රායලය සිදු කරනු ලබන අපචාර හෙතුවෙනි.
ඊශ්‍රායලය සමඟ සබඳතා විශේෂයෙන් පළුදු වුයේ 2010 ගාසාහි ෆ්ලෝටිලා ප්‍රහාරයෙන් ඊශ්‍රායල කමාන්ඩෝ භටයින් විසින් තුර්කි පලස්තීන හිතවාදි ක්‍රියාකාරින් 9 දෙනෙකු ඝාතනය කිරිමත් සමඟය.තවද ෆ්ලෝටිලාවේ තවත් සාමාජිකයකුද මෙම ප්‍රහාරයෙන් වසර 7 ක් කෝමා තත්වයෙන් සිට රෝහලේ මිය යැමද මෙම පළුදු වීම් වලට හේතුවක් වි ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *