මිලියන 73කගේ ‌පෞද්ගලික දත්ත අන්තර්ජාලයට

මිලියන 73කගේ ‌පෞද්ගලික දත්ත අන්තර්ජාලයට

මිලියන 73කගේ ‌පෞද්ගලික දත්ත අන්තර්ජාලයට

ආදායම අනුව සිව්වැනියට ලොව විශාලතම විදුලි සංදේශන සමාගම වන AT&T අමෙරිකානු බහුජාතික විදුලිසංදේශ සමාගමේ හිටපු සහ වර්තමාන පාරිභෝගිකයන් මිලියන 73කගේ ‌පෞද්ගලික දත්ත අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

ඒ අතර පාරිභෝගිකයින්ගේ ලිපිනයන්, සමාජ ආරක්ෂණ අංක සහ මුරපද ඇතුළු තොරතුරු dark web අඩවි ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් AT&T සමාගම පවසා ඇත්තේ සිය දත්ත සොරකම් කර ඇති බවට සාක්ෂි හඳුනාගෙන නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ සහාය ලබාගන්නා බවය.

එමෙන්ම එම සමාගම පවසා ඇත්තේ සිය පාරිභෝගිකයින්ගේ මුරපද නැවත සකස් කිරීමට කටයුතු කර ඇති බවය.

මූල්‍ය තොරතුරු හෙළි වී නොමැති බව AT&T සමාගම පැවසුවද සම්පූර්ණ නම්, විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ උපන් දිනය වැනි තොරතුරුද හෙළි වී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම පිට වූ තොරතුරු සිය දත්ත පද්ධතියෙන්ම රැගෙන ඇත්තේද නැතහොත් තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු හරහා රැගෙන ඇත්තේද යන්න අපැහැදිළි බවය.

AT&T හි රැහැන් රහිත 5G ජාලය අමෙරිකාව පුරා මිලියන 290ක පාරිභෝගිකයින් පිරිසක් ආවරණය කරන අතර මෙම සමාගම එරට විශාලතම ජංගම සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් එකකි.

පසුගිය පෙබරවාරි මාසයේ මෙම සමාගමේ දුරකථන පහසුකමේ පැය 12ක පමණ විශාල ඇනහිටීමක් සිදු වූ අතර එම සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද බලපෑමට ලක්වූවන් සඳහා ඩොලර් 5ක ණයක් පිරිනැමීමට කටයුතු කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *