අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් 400 කට ඉහළ ප්‍රමාණයක් ඝාතනයට

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මේ වන විට පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් හේතුවෙන් අවතැන් ජනතාව දිගින් දිගටම මිය යමින් සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. පසුගිය දින 13ක කාලය පුරා එම රෝහල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් රෝහල තුළ රැදී සිටි අවතැන් ජනතාව හා රෝගීන් 400කට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට හමාස් සටන්කාමීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවද සදහන්. පසුගිය ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඝාතනයට ලක් ව ඇති සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 32705ක්. තුවාල ලබා ඇති පිරිස 75000කට අධික බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *