කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීලා – නරේන්ද්‍ර මෝදි

කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීලා - නරේන්ද්‍ර මෝදි

කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීලා - නරේන්ද්‍ර මෝදි

1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි.

අදාළ ක්‍රියාවලියෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාවේ ඒකීයභාවය දුර්වල කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.

ඉන්දිරා ගාන්ධි රජය විසින් 1974 වසරේදී කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ලබාගත් කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර තිබුණි.

නව තොරතුරු මගින් කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවයි සිය ‘එක්ස්‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.

මෙය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කරන සිදුවීමක් බවත් මෙම තත්ත්වය තුළ කිසිදිනෙක කොංග්‍රස් පක්ෂය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඉන්දීය මහ මැතිවරණය ආසන්නවත්ම මෙලෙස කච්චතිවු දූපත පිළිබඳ මාතෘකාව කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සහ ඉන්දීය රජය විසින් එම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබා නොදීමට එරෙහිව ලබන මස පැවැත්වෙන මැතිවරණය වර්ජනය කරන බවට තමිල්නාඩු ධීවර සංගම් මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *