ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ භාණ්ඩ රැසක බදු අඩු කරයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ භාණ්ඩ රැසක බදු අඩු කරයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ භාණ්ඩ රැසක බදු අඩු කරයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මාර්තු මස 29වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් වූ පැල් බද්ද 6% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබෙනවා.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහාද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්දද 10% සිට 6% දක්වා අඩුකර ඇති බව වාර්තා වනවා.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදුද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *