මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධි ස්පා 53ක් වැසෙයි; 137ක් අත්අඩංගුවට

0
මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධි ස්පා 53ක් වැසෙයි; 137ක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධි ස්පා 53ක් වැසෙයි; 137ක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කළ පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා.

මෙම මෙහෙයුමේදී එවැනි ස්ථාන 53ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙහෙයුම අතරතුරදී ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්. අත්අඩංගුවට ගත් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ ඉන් දෙදෙනෙකුට එඩ්ස් වැලදී ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන්ද 8 දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com