කුවේට් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධි අයුරින් රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

මෙම පොදු සමා කාලය මාර්තු මස 17 වනදා ආරම්භ වූ අතර, එය ජූනි මස 17 වනදා දක්වා මාස 3ක කාලයක් ක්‍රියාත්මක වෙයි.

මේ වනවිට ශ්‍රි ලාංකිකයින් 19,620ක පිරිසක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ නීතිවිරෝධිව රැඳී සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයෙකු මෙම කාලය තුල එරටින් පිටව යන්නේ නම් දඩ මුදල් අය කිරීමකින් තොරව බැහැරවීමට අවස්ථාව හිමිවන අතර, නැවත කුවේට් රාජ්‍යය වෙත නීත්‍යානුකූලව ඇතුළුවීමටද අවස්ථාව සැලසේ.

මෙම කාල සීමාව තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ 2024.03.14 දිනට පෙර සේවය කළ ස්ථානයෙන් පළාගිය බවට හාම්පුතා විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පැමිණිල්ලක් ගොනුකර ඇති පුද්ගලයින්ට හෝ 2024.03.14 දින තෙක් වීසා නොමැතිව කුවේටයේ රැදි සිටි පුද්ගලයින්ට පමණි.

මෙම චෝදනාවන්ට අමතරව අදාළ තැනැත්තාට එරෙහිව පොලිස් ස්ථානයන්හි හෝ අධිකරණයේ වෙනත් කිසිදු චෝදනාවක් හෝ පැමිණිල්ලක් ඇති පුද්ගලයින්ට මෙම පොදු සමාකාලය භාවිත කරමින් කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවස්ථාව හිමි නොවේ.

නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව කුවේටයේ රැඳී සිටීමට අපේක්ෂා කරන්නේ නම්, කුවේට් රාජ්‍යය විසින් නියම කරනු ලබන දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව වලංගු වීසා බලපත්‍ර ලබාගෙන එරට රැඳී සිටීමට අවස්ථාව සැලසෙයි.

නීතිවිරෝධි අයුරින් කුවේටයේ රැඳී සිටින පුද්ගලයින්ට එරටින් බැහැරවීම සඳහා මෙම අවස්ථාව මහඟු අවස්ථාවක් වන බැවින් තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු නීතිවිරෝධි අයුරින් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින්නේ නම්, මේ පිළිබඳ දැනුවත් කර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *