ටොන් 200ක ආහාර සමග “OPEN ARMS” සයිප්‍රසයේ සිට ගාසා තීරයට

ටොන් 200ක ආහාර සමග "OPEN ARMS" සයිප්‍රසයේ සිට ගාසා තීරයට

ටොන් 200ක ආහාර සමග "OPEN ARMS" සයිප්‍රසයේ සිට ගාසා තීරයට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් දැඩි සාගතයකට මුහුණ පා සිටින දහස් සංඛ්‍යාත පලස්තීනුවන්ට ටොන් 200ක ආහාර ද්‍රව්‍ය ඇතුළු මානුෂීය ආධාර රැගත් නෞකාවක් සයිප්‍රස් රාජ්‍යයේ සිට පසුගිය අඟහරුවාදා දින (12) පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ආහාර තොගයට තිරිඟු පිටි, සහල් සහ ප්‍රෝටීන් වර්ගද ඇතුළත් බව වැඩිදුරටත් වාර්තා වේ.

රටවල් රැසකින් ලැබුණු ආධාර එම ආහාර තොගයට ඇතුළත් බවත්, වැඩිම ආධාර සපයා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ‘ඕපන් ආම්ස්‘ නමින් හඳුන්වනු ලබන එම ආධාර නෞකාව සේන්දු වීමට නියමිත වරාය හෝ එය ගාසා තීරයට ළඟාවන දිනවකවානුව මෙතෙත් අනාවරණය කර නැති බවද වාර්තා වේ.

පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන එම ආහාර තොගයට අමතරව ගාසා තීරයට සැපයීම සඳහා තවත් ටොන් 500ක ආහාර තොගයක් සයිප්‍රසයේ ගබඩා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *