චීනයෙන් රටවල් 06කට වීසා රහිත ප්‍රවේශ පහසුකම්

චීනයෙන් රටවල් 06කට වීසා රහිත ප්‍රවේශ පහසුකම්

චීනයෙන් රටවල් 06කට වීසා රහිත ප්‍රවේශ පහසුකම්

ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා චීනය වීසා නිදහස් කරයි.

අත්හදා බැලීමක් ලෙස ආරම්භ කෙරෙන මෙම ක්‍රමවේදය (14) සිට බලාත්මක වේ.

මාර්තු පළමුවැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාවට නැංවීමෙන් පසු චීනයේ ‘වීසා රහිත මිතුරු කවය’ යළි පුළුල්වීමක් ලෙස මෙය සැලකේ.

අදාළ ප්‍රතිපත්තියට අනුව, මාර්තු 14 වන බදාදා දින සිට නොවැම්බර් 30 වැනිදා දක්වා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6 ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන්‍ට, ව්‍යාපාර, සංචාරක හා නෑදෑ හිතවතුන් හමුවීම සඳහා දින 15කට නොවැඩි කාලයක සංක්‍රමණයක් වෙනුවෙන් චීනයට පැමිණීමේ දී වීසා අයදුම් කිරීම අවශ්‍ය නොවේ.

එහෙත් එම රටවල පුද්ගලයන් වීසා නිදහස් කිරීමට අදාළ කොන්දේසි සපුරා නොමැති අවස්ථාවක දී චීන වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතුය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *