පාකිස්තාන මැතිවරණයේ ඡන්ද වංචාව තහවුරු වේ; මැතිවරණ නිලධාරියකු ඉල්ලා අස්වෙයි

පාකිස්තාන මැතිවරණයේදී ඡන්ද වංචාව තහවුරු වේ; මැතිවරණ නිලධාරියකු ඉල්ලා අස්වෙයි

පාකිස්තාන මැතිවරණයේදී ඡන්ද වංචාව තහවුරු වේ; මැතිවරණ නිලධාරියකු ඉල්ලා අස්වෙයි

පාකිස්තාන මැතිවරණයේදී ඡන්ද වංචාවක් සිදු වූ බව තහවුරු වෙයි. වරද පිළිගෙන මැතිවරණ නිලධාරියකු ඉල්ලා අස්වෙයි.

පාකිස්තානයේ මහමැතිවරණය අතරතුර සිදු වූ බව කියන ඡන්ද මංකොල්ලයට තමා සහාය දුන් බව රාවල්පිණ්ඩි මැතිවරණ නිලධාරියා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලියාකට් අලි චත්තා නමැති මේ නිලධාරියා තමා පොලිසියට බාර වන බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙවැනි සාහසික අපරාධයක් කළ නිසා පොලිසියට බාර වන බව ප්‍රකාශ කර ඇති එම නිලධාරියා මැතිවරණ කොමිසමේ ප්‍රධානියා සහ රටේ ඉහළම විනිසුරුවරයාට චෝදනා කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘අපි පාර්ලිමේන්තු ආසන 13ක ඡන්ද 70,000ක පරතරයක් ආපස්සට හරවා පරාජිතයන් ජයග්‍රාහකයන් කළා‘ ඔහු එසේ සඳහන් කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *