ඊශ්‍රායලයට ඇමරිකාවෙන් යුධ ආධාර ඉරානය හෙළා දකී

ඊශ්‍රායලයට ඇමරිකා යුද ආධාර ඉරානය හෙළා දකී

ඊශ්‍රායලයට ඇමරිකා යුද ආධාර ඉරානය හෙළා දකී

ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඊශ්‍රායලය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 14ක යුද ආධාර පැකේජයක් අනුමත කිරීම ඉරානය හෙළාදකී. එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Nasser Kanaani මහතා පැවසුවේ මෙය ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන ඝාතන තවදුරටත් වර්ධනය කිරීමේ පියවරක් බවයි.

මෙම තීරණය අනුව දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් පලස්තීනයේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ලැබෙනු ඇති බවත්, එම මුදල් ඇමරිකාවේ බදු ගෙවන්නන් රජයට ගෙවූ මුදල් බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය මෙම තීරණය අනුමත කළේ 29ට 70ක් ලෙස බහුතර ඡන්දයෙනි. ඊශ්‍රායලය සඳහා අවශ්‍ය ආරක්ෂක ආධාර මෙවර අනුමත කෙරුණු ඇමරිකානු ඩොලර් බිලියන 14ක මුදලට ඇතුළත් බවද පැවසේ.

මේ අතර, ඇමරිකානු කොංග්‍රසයේ ඇතැම් කොන්සර්වේටිව් රිපබ්ලිකානුවන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට ප්‍රතිඥා දී ඇති බැවින් පනත සම්මත වේද යන්න තවමත් නිශ්චිතව කිවනොහැකි තත්ත්වයක් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *