Great Skuas පක්ෂීන්ගේ ගහණය සැළකිය ලෙස යුතු අඩු වෙලා

Great Skuas පක්ෂීන්ගේ ගහණය සැළකිය ලෙස යුතු අඩු වෙලා

Great Skuas පක්ෂීන්ගේ ගහණය සැළකිය ලෙස යුතු අඩු වෙලා

pirate of the sea ලෙස හඳුන්වන Great Skuas පක්ෂීන් කුරුළු උණ නිසා ඔවුන්ගේ ගහණය සැළකිය ලෙස යුතු අඩු වී ඇති බව The Royal Society for the Protection of Birds (RSPB) පවසනවා.

Great Skuas එක්සත් රාජධානියේ වෙරළ තීරයේ පියාසර කරන ආකාරය දක්නට ලැබෙන නමුත් 2023 දී ඔවුන්ගේ සංඛ්‍යාව 76% කින් අඩු වූ බවයි RSPB වාර්තා කරන්නේ.

කුරුළු උණ 2021-22 දී කුරුල්ලන් දහස් ගණනක් මරා දැමීමෙන් පසු Gannets සහ Roseate Terns ගහණයද බරපතල ලෙස අඩු වී තිබෙනවා.

කුරුළු උණ ව්‍යාප්තියට පෙර මෙම කුරුළු විශේෂවල ගහණය වර්ධනය වෙමින් තිබු අතර අනපේක්ෂිත ලෙස එම සංඛ්‍යාව නැවත පහළ ගිය බවයි වනජීවී අංශ පෙන්වා දෙන්නේ.

කුරුළු උණ H5N1 ප්‍රභේදය 2021 ග්‍රීෂ්ම ඍතුවේ දී කැලෑ පක්ෂීන් වෙත පැතිර ගිය අතර ඒ නිසා කුරුල්ලන් දහස් ගණනක් මිය ගියා.

RSPB විසින් 2023 මැයි-ජූලි මාසවලදී පක්ෂි විශේෂ 13ක් සමීක්ෂණය කරන ලද අතර, කුරුළු උණ නිසා Great Skuas, Gannets සහ Roseate Terns යන පක්ෂි විශේෂ අඩුවීමට හේතු වී ඇති බවත්, සැන්ඩ්විච් සහ Common Terns අඩුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් නිගමනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *