පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරේ
2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වේ
පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, ජුනි 05ට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන්ය. ඒ අනුව හෙට දින (30) සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර ජගත් පරිසර දින තේමාව ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වලකමු යන්නයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පට බැඳි මහතා සඳහන් කළේ,හෙට (30) දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය ලෙසද නම් කර ඇති බවයි.




