බහුකාර්ය සංවර්ධන සහයක පුහුණුලාභීන් 93කට සෞඛ්‍ය කාර්ය සහයක පත්වීම්

බහුකාර්ය සංවර්ධන සහයක පුහුණුලාභීන් 93කට සෞඛ්‍ය කාර්ය සහයක පත්වීම්

බහුකාර්ය සංවර්ධන සහයක පුහුණුලාභීන් 93කට සෞඛ්‍ය කාර්ය සහයක පත්වීම්

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය දින (31) පස්වරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ජනවාරි මස 05 සහ 06 යන දෙදින පවත්වන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරික්ෂණයෙන් සමත් 93 දෙනෙකු (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට පත්කළ බවයි සඳහන් වන්නේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහමෝදර මාතෘ රෝහල දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට පත් කරමින් මාර්තු මස කරාපිටියට ගෙන යන‍ බවත්, දැනට එහි වැඩකටයුතු සියයට 99 ක් ම අවසන්ව තීබෙන බවත්ය.

මෙම පත්වීම්ලාභීලාභීන් සේවා අවශ්‍යතාවය මත රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *