දේශීය බිත්තර මිල ඉහළට
වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.
වැට් වැඩි කිරීම නිසා ආනයනය කරන ඉන්දීය බිත්තරයක මිල රජය රුපියල් 8.00කින් ඉහළ දැමුවද දේශීය බිත්තරයක මිල වැඩි කෙළේ රුපියල් 3.00කින් පමණක් බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව කුකුළු ගොවිපළෙන් රුපියල් 45ට අලෙවි කළ දේශීය බිත්තරයක තොග මිල 48ක් බවද ඔහු කීහ.ඉකුත් 21දා පස්වරුවේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ගනු ලැබූ මෙම මිල වැඩි වීම එදින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපති සරත් මහතා පැවසීය. මේ අනුව සිල්ලර වෙළෙදුන් දේශීය බිත්තරයක් රුපියල් 54,55 අලෙවි කරන බවද ඔහු කීහ.