දෙළුම් පවුලේ නවතම ප්‍රභේද ‘මලී PINK’ සහ ‘ලංකා RED’

දෙළුම් වගාවට හඳුන්වාදුන් නවතම ප්‍රභේද ‘මලී PINK’ සහ ‘ලංකා RED’

දෙළුම් වගාවට හඳුන්වාදුන් නවතම ප්‍රභේද ‘මලී PINK’ සහ ‘ලංකා RED’

පටක රෝපණ පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට හඳුන්වාදුන් නවතම ප්‍රභේද 2 වන ‘මලී PINK’ සහ ‘ලංකා RED’ වගාව සඳහා ගොවීන්වෙත හඳුන්වාදීම (24) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් මෙම පටක රෝපණ පර්යේෂණ සිදු කර ඇත.මෙම නවතම ප්‍රභේදවල දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර, එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

අක්කරයකට ගස් 400ක් වගා කළ හැකි අතර, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන08ක ආදායමක් ඉපයිය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විශේෂයෙන් මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර නව දෙළුම් ප්‍රභේද දෙක වගාව සඳහා ගොවීන්ට ලබා දීමද ඇමැති අමරවීර මහතා අතින් සිදු විය.

දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *