බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක මුදලට සිදු වුයේ කුමක්ද

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක් වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ගමනාගමන මණ්ඩලය සතු බස්රථ 6951න් 1105ක්ම ධාවනයට කළ නොහැකි තත්වයේ පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ධාවනය කළ නොහැකි බස් රථ පුනරුත්ථාපනය කර නැවත ධාවනයේ යෙදවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලබාදුන් කෝටි 277ද වෙනත් කටයුතු සඳහා වැය කර ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ නිසා කිසිදු බස් රථයක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව බස් රථ පුනරුත්ථාපනයට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 75ක් හා 2023 වර්ෂයේදි රුපියල් කෝටි 202ක් මහාභාණ්ඩාගාරයෙන් ලබාදී ඇත.

ගමනාගමන මණ්ඩලේය ප්‍රතිපාදන යොදාගෙන දැනට ධාවනයේ යොදවන බස් රථ අතුරින් විශාල ප්‍රමාණයකට දුම් සහතික ලබාගෙන නැති බවද මහනුවර ඩිපෝවේ පමණක් බස් රථ 226ක් එලෙස දුම් සහතික ලබාගෙන නැති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය වෙත අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද සිල්වා මහතා සඳහන් කළේ නැවත භාවිතයට ගත හැකි බවට හඳුන්ගත් බස් රථ 852න් 400ක් 2023 වසර අවසන් වන විට අලුත්වැඩියා කර අවසන් කළ බවය. පසුගිය වසරේ ඉතිරි රථ සංඛ්‍යාවත් සමග මේ වසරේ බස් රථ 770ක් අලුත් වැඩියා කිරීමට හඳුනාගෙන ඇති බවද ඒ සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 150ක් ලැබි ඇති බවද ඔහු පැවසීය.

මුදල් ලැබී තිබුණද බස්රථ අලුත් වැඩියා කිරීමට නොහැකි වූයේ ආර්ථික අර්බුදය තුළ ආනයන සීමා පැනවීම නිසා වාහන අමතර කොටස් හිගයක් රට තුළ මතුවීම නිසා බවද සභාපතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *