වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් බදු ගෙවිය යුතුයි – මුදල් අමාත්‍යාංශය

TIN නිකුත් කිරීම තාවකාලිකව කල් යයි

TIN නිකුත් කිරීම තාවකාලිකව කල් යයි

වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *