තේ කම්හල් අයිතිකරුවන් සියලු දෙනා SVAT බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි

තේ කම්හල් අයිතිකරුවන් සියලු දෙනා SVAT බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි

තේ කම්හල් අයිතිකරුවන් සියලු දෙනා SVAT බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි

තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.

සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා තේ කර්මාන්ත ශාලා හිමියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීම හේතුවෙන් තේ දළු වෙන්දේසියේ (Tea Auction) ඇතිවන ප්‍රමාදවීම් වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ලංකා තේ මණ්ඩලයේ මේ බව දැනුම් දුන්නේය.

එමෙන්ම දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රමයන් වන ඝෘජු වෙන්දේසි ක්‍රමය (Direct Auction) හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට (Forward Contract) අනුව තේ දළු වෙන්දේසි කිරීම වහාම අරඹන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙම ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර ඇතුළලත ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහාම සකසන්නැයිද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *