ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම නිසා ඇමරිකානු ජනපති පුතු හන්ටර් බයිඩන්ට චෝදනා..

උණුසුම් ජනාධිපතිවරණය මධ්‍යයේ ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දෙවන වරටත් හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබේ.

අප දන්න දේ හා වෙන්න යන්නේ කුමක් ද?

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුතණුවන් වන හන්ටර් බයිඩන්ට විරුද්ධව බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අධි චෝදනා එල්ල විය. ඒහා සම්බන්ධ කරුණු පහත පරිදි වේ,

මෑත කාලිනව ළාබාල හන්ටර් බයිඩන් ට එරෙහිව එල්ල වු චෝදනා මොනවාද?

කැලිෆෝනියාවේ මධ්‍යම එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද අධි චෝදනාවකට අනුව, ලොස් ඇන්ජලිස්හි ඉදිරිපත් වු වාර්තාවට අනුව ඔහුට එල්ල වු චෝදනා වුයේ බදු ගෙවිමට අපොහොසත් විම, බදු තක්සේරුව මඟ හැරිම හා ව්‍යාජ, එනම් වංචනික බදු වාර්තා යනාදිය ඉදිරිපත් කිරිමයි. 53 හැවිරිදි බයිඩන්ට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජනපද අධිකරණය විසින් අපරාධ 3ක් හා බදු වැරදි 6ක් මෙසේ ගොනු කර ඇත.

2016 සිට 2019 වසර දක්වා ඔහු ගෙවිය යුතුවු ෆෙඩරල් බදු අවම වශයෙන් ඇ.ඩො මිලියන 1.4ක් වු මුදල ඔහු නොගෙවා සිව් අවුරුදු යෝජනා ක්‍රමයක නිරත වි ඇති බව දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද අධි චෝදනා පත්‍රයේ සදහන් වේ.

එහි වැඩි දුරටත් සදහන් වුයේ බයිඩන් බදු ගෙවිම නොසලකා හැර ඒ වෙනුවට මෙම මුදල් ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවයන් වන අති සුඛෝපභෝගී හෝටල්, අධික මිලෙන් යුත් මෝටර් රථ, හා ඇදුම් පැළඳුම් යනාදියටත් තවත් ඇ.ඩො 70000 කට අධික මුදලක් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කටයුතු වලටත් යොදාගෙන ඇති බවයි.

නඩු පවරන්නන් විසින් තව දුරටත් පවසන ලද්දේ 2016 සිට 2020 යන කාලය තුල ඔහුට මුලු දළ ආදායමෙන් ඇ.ඩො මිලියන 7 කට වඩා වැඩි මුදලක් ලැබි ඇති බවයි.

තවද රිපබ්ලිකන් නීති සම්පාදකයින් විසින් දිගින් දිගටම ළාබාල බයිඩන් ට බැන වැදි ඇත්තේ යුක්‍රේනයේ විශාලතම ගෑස් සමාගමක් වන බුරිස්මා වැනි ආයතන වල ඩොලර් මිලියන ගනන් 2016-2019 යන කාලය තුල ඉපයීම සඳහා බයිඩන් ගේ පවුලේ පෙලපත් නාමය අනිසි ලෙස යොදා ගැනිම සම්බන්ධවයි.

ජෝ බයිඩන් 2009 සිට 2017 දක්වා කාලය තුල එක්සත් ජනපද උප ජනාධිපති ලෙසද 2016-2019 යන කාල පරාසය තුල මොහු යුක්‍රේනයේ පැනිස් හි ඩො.මිලියන 2.3 ක මුදලක් උපයා ඇති අතරම චීන කොටස් අරමුදලේද සේවය කර ඇති බවයි.

හන්ටර් බයිඩන් හට මින් පෙර අවස්තා වලදි අධි චෝදනා එල්ල වි තිබේද?

හන්ටර්ගේ පුද්ගලික ගනුදෙනු හා ව්‍යාපාර ගනුදෙනු සිදු කරනු ලබන විශේෂ උපදේශක විසින් බයිඩන් මෙම වසරේ දෙවන් වරටත් චෝදනා එල්ල වු බව පවසන අතරම මින් පෙර චෝදනා ලැබුවේ නිති විරෝධි ලෙස අත් තුවක්කුවක් තමා සන්තකයේ තබා ගැනිම හා තුවක්කුව මිලදි ගැනිමේදි ෆෙඩරල් අයදුම්පත මත ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය පිලිබඳ අසත්‍ය පැවසිම යන කරුණු මතයි.

ජුලි මාසයේදී හන්ටර් බයිඩන් හා විශේෂ උපදේශක කෙනෙකු වන ඩේවිඩ් වයිස් අතර අභියාචනා කේවල් කිරිමක් සිදු වු අතර එයින් තුවක්කුව පිලිබඳ චෝදනා මකා දැමිමක් සිදු විමට ඉඩ තිබුණු අතර බයිඩන් බදු චෝදනා 2කට සිරගත විමෙන්ද වැලකි සිට ඇති බවද පැවසෙයි.

පසුව ඔක්තෝබර් මාසයේදී ඩෙලවෙයාර් හිදි එක්සත් ජනපද ජනාධිපතිවරයකුගේ දරුවෙකුට එරෙහි ප්‍රථම නඩු විභාගය අභියාචනා කරමින් මෙම චෝදනා වලට වරදකරු නොවන බව පිලිගත්තේය .

ඔහුට නඩු විභාගයකට මුහුණ දි සිරගත විය හැකිද?

නව චෝදනා වලින් අදහස් වුයේ හන්ටර් බයිඩන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවදාද යන්න පැහැදිලි නොමැති මුත් න්‍යායාතමකව ලබන වසරේ දෙවරක් බොහොවිට නඩු විභාගයකට යා හැකි බවත්ය.

අධිකරණය දෙපාර්තමේන්තුව පවසා සිටිනුයේ බයිඩන් සම්බන්ධව අඛණ්ඩ පරික්ෂණ සිදුවන බව හා ඔහු අධිකරණය හමුවේ වරදකරු වුවහොත් වසර 17 ක පමන කාලයකට සිර දඩුවමකට යටත් විය හැකි බවයි.

බයිඩන් ගේ චෝදනා වලට ප්‍රතිචාර කෙසේද?

ජනාධිපති බයිඩන් මේ පිළිබඳව අවධාරණය කරමින් පවසා ඇත්තේ ඔහුගේ අතීත හැසිරිම් නොතකා තම පුතණුවන් වෙනුවෙන් පෙනි සිටින බවකි.තවද ධවල මන්දිරය මේ පිළිබඳව අදහස් දැක්විමද ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග මගින් දැන ගන්නට ලැබි ඇත.

හන්ටර් බයිඩන්ගේ නීතිඥ අබේබි ලේචෙල් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එක්සත් ජනපද මාධ්‍යවලට අනුව පෙර ගිවිසුම් ප්‍රතික්ෂේප කළ බවට වයිස්ට චෝදනා කරන අතරම ඔහු “රිපබ්ලිකන් පීඩනයට හිස නමන” කෙනෙකු බවද චෝදනා කරමින් තවදුරටත් පවසා සිටියේ සිය සේවා දායකයා ඔහුගේ බදු මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇති බවයි.

ලෝචල් කියා සිටියේ හන්ටර්ගේ වාසගම බයිඩර් නොවී වෙනත් වසගමක් වූයේ නම් ඩෙලවෙයාර්හි මෙනම වර්තමානයේ කැලිෆෝනියාවේද ඔහුට මෙවැනි චෝදනා ගෙන එන්නේ නොමැති බවයි.

2024 ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට කුමක් සිදුවේද?

මෙම අධි චෝදනාව ඉදිරිපත් වී ඇත්තේද ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණයට හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මුහුණ දීමට ඇති බැවින් විය හැකිය.

කොංග්‍රස් රිපබ්ලිකානුවන් ජනාධිපති බයිඩන්ට එරෙහිව දෝෂාභියෝග පරීක්ෂණයක් පවත්වමින් සිටින අතර ඔහු තම පුතා සමග එයට බලපෑම් කල බව හුවා දක්වමින් මෙම චෝදනාව පැමිණිය හැකිය.
ලබන සතියේ විමර්ශන විධිමත් ලෙස අනුමත කිරීම සම්බන්ධයෙන් සභාව ඡන්දය ලබාදීමට නියමිත අතර එයට බයිඩන් පවුලේ ජාත්‍යන්තර ව්‍යාපාර සම්බන්ධ ආචාර ධර්ම ප්‍රශ්න මතු වුවද ඔහුගේ වත්මන් කාලයේ හෝ අතීත කාලයේ ඔහුගේ භූමිකාව අනිසි හෝ වැරදි ලෙස හෝ යොදාගත් බවට මෙන්ම අල්ලස් ගත් බවටද මේ වෙන තෙක් කිසිදු සාක්ෂියක් හෝ මතුවී නොමැත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *