පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

0

(09)වැනි දා ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වු ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු තරගය ජයගැනීමට සමත් වුණා.

ඒ, ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජපාන කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 75ක් පමණයි.

එහිදී මල්ෂ තරුපති කඩුලු 03ක් සහ ගරුක සංකේත් කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com