​පාලන මිල ඉක්මවා රුධිර පරීක්ෂණ කළ වව්නියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 5ක දඩයක්

0
වැඩියෙන් සල්ලි ගත්ත රෝහලට රුපියල් ලක්ෂ 5ක දඩයක්

වැඩියෙන් සල්ලි ගත්ත රෝහලට රුපියල් ලක්ෂ 5ක දඩයක්

පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදලක් අයකළ වව්නියාව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදල් අයකර ඇති බවට අනාවරණය කරගත් බව එම අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලට එරෙහිව වව්නියාව දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එහිදී අධිකරණය විසින් අදාළ පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com