IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහි දී පැවැත්වේ.

මෙතෙක් විකිණුනු ක්‍රීඩකයින් අතරින්:

ට්‍රැවිස් හෙඩ් – සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 819,000
හැරී බෘෘක් – දිල්ලි කැපිටල්ස් – අමෙරිකානු ඩොලර් 480,000
රොවුමන් පවෙල් – රාජස්ථාන් රෝයල් – අමෙරිකානු ඩොලර් ඩොලර් 890,000
රචින් රවින්ද්‍රා – චෙන්නයි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 217,000
ශාඩුල් තකූර් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 482,000
අස්මතුල්ලා ඔමර්සායි – ගුජරාට් ටයිටන්ස් – අමෙරිකානු ඩොලර් 60,000
පැට් කමින්ස් – සන්රයිසර්ස් හයිද්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 2,470,000
ජෙරල්ඩ් කොඑට්සී – මුම්බායි ඉන්දියන්ස් – අමෙරිකානු ඩොලර් 602,000
හර්ෂාල් පටෙල් – පන්ජාබ් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,412,000
ඩැරිල් මිචෙල් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,687,000
ක්‍රිස් වෝක්ස් – පන්ජාබ් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 506,000
ට්‍රිස්ටන් ස්ටබ්ස් – දිල්ලි කැපිටල්ස් – අමෙරිකානු ඩොලර් 60,000
කේ එස් භාරත් – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 60,000
චේටාන් සකාරියා – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 60,000
අල්සාරි ජෝසෆ් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – අමෙරිකානු ඩොලර් 1,386,000
උමේෂ් යදාව් – ගුජරාට් ටයිටන්ස් – අමෙරිකානු ඩොලර් 697,000
ශිවම් මාවි – ලක්නව් සුපර් ජයන්ට්ස් – අමෙරිකානු ඩොලර් 771,000
මිචෙල් ස්ටාක් – කොල්කටා නයිට් රයිඩර්ස් – අමෙරිකානු ඩොලර් 2,982,000
ජදෙව් උනාද්කාට් – සන්රයිසර්ස් හයිද්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 193,000
ඩිල්ශාන් මධුශංක – මුම්බායි ඉන්දියන්ස් – අමෙරිකානු ඩොලර් 554,000
හසරංග – සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 181,000
IPL වෙන්දේසියේ මේ දක්වා හිමිවූ වැඩිම මුදලේ වාර්තාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය.

ඒ අනුව මෙවර IPL වෙන්දේසියේ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.
ඔහුව මිලදීගත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේය. එම මුදල ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.9කි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකටය.

එය මෙවර IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්‍රමාණයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *