එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ පවතින යුදමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවන නිසා, මෙසේ එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඊශ්‍රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමඟ සමීපව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *