වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට

වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට

වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දින 4ක සටන්විරාමය ආරම්භවීමත් සමඟ වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට පැමිණ තිබෙනවා.

තාවකාලික සටන්විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම (24) පස්වරුවේ නිදහස් කිරීමට නියමිත බව ප්‍රකාශ කෙරුණා.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මෙම දින 4 තුළ නිදහස් කෙරෙනු ඇති.

ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට එකගවී තිබෙනවා. සටන්විරාමය ක්‍රියාත්මකවීමට මෙහොතකට පෙර ද කුඩා අවි සහ මෝටාර් ප්‍රහාරයක් මෙන්ම ගුවන් ප්‍රහාරයක් ද ගාසා තීරය ආසන්නයේ අසන්නට ලැබුණු බව විදෙස් වාර්තාකරුවන් පවසනවා.

යුද්ධය තවම අවසන් නැති බවත්, මානූෂිය විරාමය තාවකාලික බවත් ඊශ්‍රායල ආරක්ෂ හමුදා පවසනවා.

මේ අතර ගාසා තීරයේ දකුණේ සිට උතුරට යාමට තැත්කරන පලස්තීනුවන්ට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩීයෝ පට ගණනාවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

වෙඩි හඩින් දුවන විශාල ජනකායක් සිටින දර්ශන ද ඒ අතර වනවා.

ඊශ්‍රායල හමුදා පවසා ඇත්තේ තමන් එම වාර්තා පිළිබද සොයා බලමින් සිටින බවයි. දකුණු ඊශ්‍රායලයේ සති ගණනාවක් තිස්සේ පැවති තත්ත්වය වෙනස් කරමින් සිකුරාදා යාඥවන්ද පැවති බව වාර්තා වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *