ශ්‍රී ලංකාවෙන් සර්ප ලෝකයට අලුත් කන උල්ලකු

ශ්‍රී ලංකාවෙන් සර්ප ලෝකයට අලුත් කනඋල්ලෙකු

ශ්‍රී ලංකාවෙන් සර්ප ලෝකයට අලුත් කනඋල්ලෙකු

උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලාංකීය විද්‍යාත්මක කණ්ඩායමක් වසර 75කට පසු අලුත් කනඋල්ලෙකු, සර්ප ලෝකයට එක් කර ඇත.

මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පසුගිය කාලය පුරා සාමාන්‍යයෙන් ඔ්නෑම කෙනෙකුගේ ගෙවල්වලත් සිටිය හැකි පුංචිම පුංචි “දෙපත් නයි” කියන ඇබිත්තන් සර්පයන්(ඇත්තටම එම සත්වයාගේ හරි නම කනඋල්ලා) පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඇත.

එමගින් මෙම කුඩා සර්පයන් දහස් ගණනක් අධ්‍යයනය කර ඇති අතර ඒ අතරින් එක් සර්පයෙක් අලුත් සර්පයෙක් බවට හඳුනා ගන්න මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමත්ව තිබේ.

මේ කුඩා සර්ප විශේෂය ටයිප්ලොපිඩ් (typhlopid)යනුවෙන්ද හැදින්වේ.

ලංකාවේ වියළි කලාපයේ ගිරිතලේ ප්‍රදේශයෙන් මේ කියන කන උල්ලන් විශේෂය මුල් වරට හමුව ඇත. එතැන් පටන් අවුරුදු ගාණක ක්ෂේත්‍ර වැඩකටයුතු මේ පර්යේෂණ කණ්ඩායම නිරත ව තිබේ.

ඒ් අනුව මේ සොයා ගැනීම මුල් වරට ලෝකයට Indotyphlops combank යනුවෙන් එක්වන අතර ලංකාවේ සර්ප විශේෂ සංඛ්‍යාව තවත් එකකින් මේ හරහා ඉහළ යනු ඇත.

නෙතු වික්‍රමසිංහ, දුලාන් ආර්. විදානපතිරණ, මහේෂ් සී. ද සිල්වා, කමනි එච්. තෙන්නකෝන්, සමීර ආර්. සමරකෝන් සහ එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මේ විශිෂ්ට සොයා ගැනීම පිටුපස ඉන්න විද්‍යාත්මක කණ්ඩායම වේ.

– dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *