ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගත් දරුවන් 05ක්

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගත් දරුවන් 05ක්
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු 198 ලකුණු ප්‍රතිඵල ලබා ගත් දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී තිබේ.
එම දරුවන්ගේ පාසල් ගොතමී කනිෂ්ඨ විද්‍යාලය ගම්පහ, සුමේද විද්‍යාලය ගම්පහ, මහබෙලන ප්‍රථමික විද්‍යාලය කළුතර, ශාන්ත ජොසප් විද්‍යාලය අනුරාධපුර, විහාර මහා දේවි විද්‍යාලය බදුල්ල යන පාසල්වල දරුවන්ය.
ශිෂ්‍යාත්ව විභාගයෙන් ලකුණු 197 ලබාගත් දරුවන් 4 දෙනෙක් හා ලකුණු 196 දරුවන් 8 දෙනෙකු ලබා ගෙන තිබේ.
විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි.
පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk / www.results.exams.gov.lk හරහා නොවැ (16) රාත්‍රියේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන ලදී.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 15 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වුණු අතර, එයට දරුවන් තුන් ලක්ෂ තිස් දෙදාස් නමසිය හතළිස් නමයක් (332,949) පෙනී සිට ඇත.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින සහ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් මෙවර නිකුත් කර නොමැති බවයි. මේ අතර, සියලුම දිස්ත්‍රික්ක සඳහා සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙහිම දිස්ත්‍රික් කඩඉම් ලකුණුද නිකුත් කර තිබේ.
මේ අතර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා මෙසේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.