හොර රහසේ මෙරටට ආනයනය කළ රු. කෝටි 130ක දුම්වැටි අත්අඩංගුවට

හොර රහසේ මෙරටට ආනයනය කළ රු. කෝටි 130ක දුම්වැටි අත්අඩංගුවට

හොර රහසේ මෙරටට ආනයනය කළ රු. කෝටි 130ක දුම්වැටි අත්අඩංගුවට

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි 130ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක්ද සමග විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි දුම්වැටි හාර ලක්ෂ විසිදසකට අධික ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරන බවට.විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව (16) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් කැළණිතිස්ස බලාගාරය ආසන්න පාරෙදි මෙම කන්ටේනර් රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

කන්ටේනර් රථය පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දුම්වැටිය තොගය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මාකොළ ප්‍රදේශයේ පදිංචි (62) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම දුම්වැටි තොගය රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති බවද කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත.

සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් දුම්වැටි සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට බාර දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *