රේගුවෙන් වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි
පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුවේ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.
මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ පවසයි.
බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බවද ඔහු පැවසීය.
මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




