රේගුවෙන් වාර්තාගත ආදායමක්
2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා රු.බි 4.5ක් වටිනා මත්ද්‍රව්‍ය රේගු භාරයට
පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුවේ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.
මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ පවසයි.
බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බවද ඔහු පැවසීය.
මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




