ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 500ක් මරුට
 
                ගාසා තීරයේ රෝහලකට ඊයේ දින රාත්‍රීයේ ඊශ්‍රායල විසින් එල්ල කර තිබූ ගුවන් ප්‍රහාරයෙන්, වෛද්‍යවරුන්, රෝගීන්, ළමුන් ඇතුළු 500කට අධික පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර හමාස් රජයේ ගාසා තීරයේ මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ, ගාසා තීරයේ පිහිටි රෝහලට එල්ල වූ ප්‍රහාරය “යුද අපරාධයක්” බවයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළාදැක ඇත.
මේ වනවිට ගසා තීරයේ දහස් ගණනක් ඉන් පිටවීම සඳහා රෆා ලෙස හැඳින්වෙන ඊජිප්තු දේශ සීමාවේ රැස්ව සිටි.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (18)වැනි දා ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය.
එහිදී හමාස් සංවිධානයට එරෙහිව දියත් කිරීමට නියමිත ගොඩබිම් ප්‍රහාරයේ මීළඟ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා පැවසීය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        